Pages

Wednesday, August 25, 2010

මක් නිසාද යත්....

ඇය මොහොතක‍‍ට සුරූපි විය යුතුය
තවද ඇය සදාකල් විරූපී විය යුතුය.


ඇය ‍‍‍මොහොතක‍‍ට සතුටු විය යුතුය
තවද ඇය සදාකල් දුක් වි‍ඳිය  යුතුය.


ඇය ‍‍‍‍මොහොතක‍‍ට බිරිඳ විය යුතුය
තවද ඇය සදාකල් තනිකඩ විය යුතුය.


ඇය ‍මොහොතක‍‍ට ‍‍‍‍දොඩමලු විය යුතුය
තවද ඇය සදාකල් නිහඞ විය යුතුය.


ඇය ‍මොහොතක‍‍ට පැසසුම් ලැබිය යුතුය
තවද ඇය සදාකල් නින්දා ලැබිය යුතුය.


ඇය මොහොතක‍‍ට මා වැලඳගත යුතුය
තවද ඇය සදාකල් මා සැඟවිය යුතුය.

මක් නිසාද යත්....

ඇය
ගණිකාවක් වන බැවිනි

2 comments:

  1. පාවුලෝ කොයිහෝගේ Eleven Minutes කතාවම වචන කීපයකට කැටි කරල වගේ

    ReplyDelete
  2. තිත්තයි පැණිරසයි.....

    ReplyDelete