![]() |
FATHER |
Wednesday, September 15, 2010
Thursday, September 9, 2010
Thursday, September 2, 2010
සමා බෝ.....සෙයිලම!
අපි...
තැවෙති
මැරෙති
ඉපදෙති
යති...
එති
දෙසති!
නැවත
යති
සැතපෙති!
අපි...
තැවෙති
මැරෙති
ඉපදෙති
අපි...
තැවෙති
මැරෙති
ඉපදෙති
යති...
එති
දෙසති!
නැවත
යති
සැතපෙති!
අපි...
තැවෙති
මැරෙති
ඉපදෙති
සමා බෝ.....සෙයිලම!
බඩු හොයන
බඩු දාන
බොහෝ එන..
විලිලන්න
වැලලෙන්න
බොහෝ ලඟ..
නිවසට
නිවනට
බොහෝ දුර..
බෝ ගහ හන්දිය
බොරැල්ල!
බඩු හොයන
බඩු දාන
බොහෝ එන..
විලිලන්න
වැලලෙන්න
බොහෝ ලඟ..
නිවසට
නිවනට
බොහෝ දුර..
බෝ ගහ හන්දිය
බොරැල්ල!
Wednesday, August 25, 2010
මක් නිසාද යත්...
පොඩි නංගී නිදිකෙරූ
දරමිටියෙ බර දැරූ
වන දුර්ග මග ගෙවූ
හාමතේ නොසෙල්වූ
වෙල් නියරෙ සැරිසැරූ
ඇල දොලෙන් කිති කැවූ
බස් රියේ ගැස්මකින්
යන්තමින් තිගැස්සුන
තිගැස්සුන සුළඟකින්
ගැස්සෙමින් නග්න වුන
කලවා යුගල
නොදැනීම
සලිත වී අවනත විය
මක් නිසාද යත්...
එය
ප්රථම ප්රේමයම වූ බැවිනි
පොඩි නංගී නිදිකෙරූ
දරමිටියෙ බර දැරූ
වන දුර්ග මග ගෙවූ
හාමතේ නොසෙල්වූ
වෙල් නියරෙ සැරිසැරූ
ඇල දොලෙන් කිති කැවූ
බස් රියේ ගැස්මකින්
යන්තමින් තිගැස්සුන
තිගැස්සුන සුළඟකින්
ගැස්සෙමින් නග්න වුන
කලවා යුගල
නොදැනීම
සලිත වී අවනත විය
මක් නිසාද යත්...
එය
ප්රථම ප්රේමයම වූ බැවිනි
මක් නිසාද යත්....
ඇය මොහොතකට සුරූපි විය යුතුය
තවද ඇය සදාකල් විරූපී විය යුතුය.
ඇය මොහොතකට සතුටු විය යුතුය
තවද ඇය සදාකල් දුක් විඳිය යුතුය.
ඇය මොහොතකට බිරිඳ විය යුතුය
තවද ඇය සදාකල් තනිකඩ විය යුතුය.
ඇය මොහොතකට දොඩමලු විය යුතුය
තවද ඇය සදාකල් නිහඞ විය යුතුය.
ඇය මොහොතකට පැසසුම් ලැබිය යුතුය
තවද ඇය සදාකල් නින්දා ලැබිය යුතුය.
ඇය මොහොතකට මා වැලඳගත යුතුය
තවද ඇය සදාකල් මා සැඟවිය යුතුය.
මක් නිසාද යත්....
ඇය
ගණිකාවක් වන බැවිනි
ඇය මොහොතකට සුරූපි විය යුතුය
තවද ඇය සදාකල් විරූපී විය යුතුය.
ඇය මොහොතකට සතුටු විය යුතුය
තවද ඇය සදාකල් දුක් විඳිය යුතුය.
ඇය මොහොතකට බිරිඳ විය යුතුය
තවද ඇය සදාකල් තනිකඩ විය යුතුය.
ඇය මොහොතකට දොඩමලු විය යුතුය
තවද ඇය සදාකල් නිහඞ විය යුතුය.
ඇය මොහොතකට පැසසුම් ලැබිය යුතුය
තවද ඇය සදාකල් නින්දා ලැබිය යුතුය.
ඇය මොහොතකට මා වැලඳගත යුතුය
තවද ඇය සදාකල් මා සැඟවිය යුතුය.
මක් නිසාද යත්....
ඇය
ගණිකාවක් වන බැවිනි
මක් නිසාද යත්....
ඔහු සිටිය යුත්තේ මා පිටුපසිනි
නැතහොත් කෙසේ හෝ ඔහු වැලකිය යුතුය.
ඔහු මා අනුගමනය කල යුතුව ඇත
නැතහොත් කෙසේ හෝ ඔහු විවේචනය කල යුතුය.
ඔහු මිතුරන් ඇසුරු කල යුතු නැත
නැතහොත් කෙසේ හෝ ඔහු තනිකල යුතුය.
ඔහු සිය දිවි නසා ගත යුතුය
නැතහොත් කෙසේ හෝ ඔහු ඝාතනය විය යුතුය.
මක් නිසාද යත්....
සිටිය යුත්තේ
මා
පමණක් ම වන බැවිනි.
ඔහු සිටිය යුත්තේ මා පිටුපසිනි
නැතහොත් කෙසේ හෝ ඔහු වැලකිය යුතුය.
ඔහු මා අනුගමනය කල යුතුව ඇත
නැතහොත් කෙසේ හෝ ඔහු විවේචනය කල යුතුය.
ඔහු මිතුරන් ඇසුරු කල යුතු නැත
නැතහොත් කෙසේ හෝ ඔහු තනිකල යුතුය.
ඔහු සිය දිවි නසා ගත යුතුය
නැතහොත් කෙසේ හෝ ඔහු ඝාතනය විය යුතුය.
මක් නිසාද යත්....
සිටිය යුත්තේ
මා
පමණක් ම වන බැවිනි.
Tuesday, August 24, 2010
Monday, August 23, 2010
Subscribe to:
Posts (Atom)